වෛද්‍ය මාරුවීම් 6000ක් මඟ හිටී – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වගකිව යුතුයි – GMOA කියයි

100

වෛද්‍ය ස්ථාන මාරුවීම් හයදහසක් අතර මඟ ඇණහිටීමෙන් සෞඛ්‍ය සේවාව තවදුරටත් අරාජිකව කඩා වැටීමට ලක්වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගය පවසයි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අත්තනෝමතිකව ක්‍රියාකරන බවත් මේනිසා වෛද්‍යවරුන් නතරවී ඇති බවත් ඔහු කියයි.

මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සමග වෘත්තීමය වශයෙන් පවත්වන නිල ගනුදෙනු නිල සන්නිවේදන නතර කිරීමට සිය සංගමය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මාධ්‍ය හමුවක දී සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් ගත යුතු පරිපාලන තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය සියලු කරුණු සිය සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී එයට එකඟවී තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවීමට බලයක් අධිකාරියක් ඇති ‘අදිසි හස්තයක්’ විසින් එය වළක්වමින් සිටින බවට ද වෛද්‍යවරයා චෝදනා කළේය.

මෙරට සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙන යනවාට වඩා පුද්ගල යාළු මිත්‍රකම් හා දැන හැඳුනුම්කම් අනුව මෙලෙස ක්‍රියා කිරීමෙන් මිලියන විසිදෙකක ජනතාවක් දැඩි දුකට පත්ව ඇතැයි ද සඳහන් කළ වෛද්‍යවරයා කීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment