අලුත් අවුරුද්ද ඇවිදීමෙන් පටන් ගන්න මලල ක්‍රීඩා සංගමයෙන් සැලසුම්

72

ජාතික ධාවන – ඇවිදීම ශූරතාවලියෙන් 2024 වසරේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරග කැලැන්ඩරය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත.

(ඒ අනුව එහි පළමුවැන්න ලෙස 2024 පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ධාවන ශූරතාවලියේ කාර්ය සාධනය ආශ්‍රිතව ධාවන තරග ජාතික සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 ක් තෝරා ගැනීමට නියමිතව ඇත.

ආසියානු මලල ක්‍රීඩා සංගමය මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිත ආසියානු කිලෝමීටර් 20 ධාවන ශූරතාවලිය 2024 මාර්තු 17 වැනිදා ජපානයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහත ශූරතාවලියෙන් තෝරා ගැනීමට නියමිතව ඇත.

මේ අතර ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ තේරීම් පරීක්ෂණය 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ජූනි 7-9 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය, ජාතික මැරතන් ශූරතාවලිය ජූනි 9 කොළඹ, 102 වැනි මලල ක්‍රීඩා ජාතික තරගාවලිය ජූනි 21-23 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තේරීම් පරීක්ෂණය ද ඔක්තෝබර් 12-13 සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

මීට අමතරව හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය මාර්තු 22 – 24, 48 වැනි ජාතික ක්‍රීඩා උළෙල අගෝස්තු 28 – 31, ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සැප්තැම්බර් 12-14, සහ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ඔක්තෝබර් 22-26 දක්වා පැවැත්වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment