අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ලක්‍ෂ 23ක් සුදුස්සෝ වෙති

921

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මිලියන 2.3 ක පිරිසක් සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇතැයි වැඩබලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එම සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් පත් කිරීම ඊයේ (20දා) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු අතර මෙම නාමලේඛනය අද සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රසිද්ධියට පත් කිරීම ඇරඹේ. ඒ අනුව අද (21දා) සිට දින 10ක් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම පිරිසට රුපියල් බිලියන 208 ක මුදලක් සුභසාධක ප්‍රතිලාභ වශයෙන් ගෙවීමට ඇස්තමේන්තු කර ඇතැයි ද, එම මුදල් කෙළින්ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම ජුලි මාසයේ සිදු කෙරෙන බව ද ඇමැතිවරයා කීවේය. මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් අදාළ ගිණුමට මෙම මුදල් බැර කිරීම සිදු කෙරේ.

ඊයේ මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩබලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කීවේය. මේ අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ඒ.කේ. සෙනවිරත්න, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment