ඔස්ට්‍රේලියාවට තරගාවලි ජය

350

ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඊයේ අවසන් වූ දෙවන ටෙස්ට් තරගය ලකුණු 79 කින් ජය ගනිමින් ඔස්ට්‍රේලියාව එම තරගාවලි ජයග්‍රහණය ලැබීය.

ඔස්ට්‍රේලියා ජයග්‍රහණය සඳහා විශිෂ්ට දස්කම් දැක්වූ නායක පැට් කමින්ස් දෙවැනි ඉනිමේ දී ලකුණු 49කට කඩුලු පහක් ලබා ගත් අතර පළමු ඉනිමේදී ද ඔහු ලකුණු 48 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වූයේය.

ඒ අනුව තරගයේ වීරයා සම්මානය ද කමින්ස් ට හිමි වූ අතර දෙරට අතර තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 03 වැනිදා පැවැත්වේ.

දෙවැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 317 ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානයට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 237ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment