ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6 ක් කෝප් හමුවට කැඳවයි

63

දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන හයක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට කැඳවීමට නියමිතව ඇත.

කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවීමට නියමිත සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල සහ ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමයි.

එහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය අද ද (19), ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව හෙට ද (20), කොළඹ විශ්වවිද්‍යාලය අනිද්දා ද (21), ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධානීහු ලබන මස 03දා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලබන මස 04දා ද, ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගම 06 දා ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment