කිතුලම්පිටිය ළමා නිවාසයේ සිඟිත්තියක් මරුට

295

ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයේ නතර කර සිටි අවුරුදු දෙකහමාරක් වයසැති කුඩා දැරියක් මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙම දැරිය අම්බලන්ගොඩ කුලීගොඩ පදිංචි අතර බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අනුව ආරක්ෂාව සඳහා ළමා නිවාසයේ නතර කර සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් නිසා කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා පරීක්ෂා කර බලා පවසා ඇත්තේ ඒ වනවිටත් දැරිය මියගොස් සිටි බවය.

දැරියගේ මවට දරුවන් හත්දෙනකු සිටින බවත්, මියගිය දැරිය බාල දරුවා වේ. එම දැරිය උපතින්ම රෝගී තත්ත්වයකින් පෙළීම නිසා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ පවුල් පසුබිම හා රෝගී තත්ත්වය මත ඇයට අනාරක්ෂිත තත්වයකට පත්වීම නිසා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ළමා නිවාසයේ රඳවා ඇති බවත් අනාවරණය වී ඇත. මියගිය දැරියගේ මරණ පරීක්ෂණය ඊයේ කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment