කුඹුරු ඉඩම් ගොඩ කිරීම අත්හිටුවයි

406


කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තුවේ දී අද පැවැති කෘෂිකර්මය පිළිබඳ උපදේශක කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ කරුණු සළකා බලමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ඉදි කිරීම් සදහා විශාල වශයෙන් කුඹුරු ඉඩම් ගොඩ කෙරෙමින් පවතින බවත් ඊට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් සහයෝගය පළ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වාදී තිබේ.

එම කරුණු සළකා බලමින් කුඹුරු ගොඩ කිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදු කර එම වාර්තාව ලබා ගන්නා තෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම තාවකාලිකව අත් හිටුවීමට මේ අනුව පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment