කොළඹ හතේ මිනීමැරුමේ සුලමුල

1173


කොළඹ 07 ,විජේරාම පාරේ නිවසක හුදකලාව වාසය කළ කාන්තාවක් දූෂනය කොට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු’ ඊයේ (02දා) අත්අඩංගුවට ගත් බව’ කොළඹ දකුණ’ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු දින තුනක් තිස්සේ එම නිවස පිහිටි ඉඩමේ පිඩලි ඇල්ලීම සඳහා පැමිණ ඇති අතර අවසන් දිනයේ නිවස හිමි කාන්තාව දූෂණය කොට මෙසේ ඝාතනය කර පලා ගොස් යලි පැමිණ නිවසේ තිබූ ලැප්ටොප් පරිගණකයක් ල ගෑස් සිලින්ඩර් දෙකක් හා ජංගම දුරකථනයේ සිම්පතක්’ සොරාගෙන පලාගොස් ගොස් තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 7 , විජේරාම පාරේ නො. 82 චිත්‍රානි ස්මිත් ප්‍රනාන්දු නැමැති 74 හැවිරිදි වියෙහි පසුවූ කාන්තාවක් බව පොලීසිය කියයි.

ඇය සිය නිවසේ පියානෝ වාදනය පිළිබඳ උපකාරක පන්තියක් පවත්වාගෙන’ ගොස් ඇති අතර ඒ සඳහා පැමිණි සිසුන්’ කාමරයක ලේ විලක් මැද වැටී සිටි කාන්තාව’ දැක ඒ බව අසල්වාසීන්ට පවසා පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කෙරිණි.

මෙම කාන්තාව නිවසේ හුදකලාව වාසය කර තිබූ අතර ඇයගේ මළසිරුර අසළ බිම පිරිසිදු කරන යන්ත්‍රයක් තිබූ හෙයින් ඉන් විදුලි සැර වැදි මිය යන්නට ඇති බවට පොලිසිය’ මූලික විමර්ශන වලදී සැක කළත් මියගිය කාන්තාවගේ නිවසේ තිබූ ලැප්ටොප් පරිගණකයක් ගෑස් සිලින්ඩර් දෙකක් හා ජංගම දුරකථනයේ සිම්පතක් අස්ථානගතවීම නිසා මෙය’ ඝාතනයක් බවට සැක කොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදී කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අභයවර්ධන මහතා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හරහා තවත් විමර්ශනයක් සිදුකරන ලෙසට උපදෙස්’ දී තිබූණි.

ඒ අනුව නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සිද්ධිය වූ ඉකුත් 15 දා’ එකම පුද්ගලයකු අවස්ථා දෙකකදී නිවසට පැමිණ පිටව යාමත් එම අවස්ථා දෙකේදී ඇදුම් මාරු කරමින් හැද පැළඳගෙන පැමිණීම හා පිටව යාමත්’ පිළිබදව සැක සිති විමර්ශනය කරද්දී’ ලැබුනු තොරතුරකට අනුව දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment