කොවිඩ් එන්නතෙන් අතුරු ආබාධ ආ බව පරීක්‍ෂණ මගින් තහවුරු වී නෑ – GMOA කියයි

73

කොවිඩ් – 19 වෛරස මර්දනය සඳහා ලබා දුන් එන්නත් භාවිතයෙන් පසු විවිධ සංකූලතා ඇතිවූ බවට විවිධ පාර්ශ්ව චෝදනා කළත් ඒ කිසිවක් පරීක්‍ෂණ මගින් තහවුරු වී නැතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දිවයිනට ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.

ඇස් පෙනීමේ දුර්වලතාවන්, හිසේ කැක්කුම, ඇඟපත වේදනාව, නිතර මහන්සිය දැනීම ඇතුළු විවිධ සංකූලතා කොවිඩ් එන්නත් භාවිතයෙන් පසු ඇතිවන බවට සමාජයේ පැතිර යන පුවත් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වෛද්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේද පැවසීය.

ලෝක ජනතාවට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ විශාලතම ප්‍රතිලාභය ජීවිත ආරක්‍ෂා කර දීම. කොවිඩ් එන්නත් හදිසියේ නිෂ්පාදනයක් නෙවෙයි. පරීක්‍ෂණ පියවරයන් රැසකගෙන් පසු ලබාගත් දත්ත තොරතුරු අනුසාරයෙන් තමයි මෙම එන්නත් නිෂ්පාදනය වෙන්නේ. ඊට පසු තමයි ලෝක ජනතාවගේ භාවිතය වෙනුවෙන් මෙම එන්නත් සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදී තිබෙන්නේ. කොවිඩ් එන්නත් පමණක් නොවෙයි ඕනෑම එන්නතකින් යම් අතුරු ආබාදයක් හෝ කෙටි කාලීන සංකූලතාවන් ඇතිවීමේ සම්භාවිතාවක් පවතිනවා. මේ තත්ත්වය පුද්ගලයින් ලක්‍ෂයකට එකක් වගේ ඉතාම සුළු ප්‍රතිශතයක්. එම නිසා කෝවිඩ් 19 වෛරස රෝග මර්දන වෙනුවෙන් ලබා දුන් එන්නත් පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment