ගම්පහත් ඒඩ්ස් වැඩිවෙලා

88

ගම්පහ දිස්ත්‍රික්කයේ එච්.අයි.වී. ආසාදිතයින් 86දෙනකු හඳුනාගෙන ඇති බවට ගම්පහ දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංජුලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් වයස අවුරුදු 15 – 24 ත් අතර පිරිස අතරේ එච්.අයි.වී. ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව එම මහත්මිය සඳහන් කරයි. 2021 වසරේ සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව දිවයින පුරා නව ආසාදිතයින් 410දෙනකු හඳුනා ගැනීමට හැකි වී ඇති බවත් ඒ අතුරින් 59දෙනකු අවුරුදු 15 – 24 ත් වයසේ පසුවන්නන් බවත් 210ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම වසරේ දෙවැනි කාර්තුව වන විට ආසාදිතයින් 25දෙනකු මියගොස් ඇති බව ද ඇය සඳහන් කරයි.
ගම්පහ සමූහ සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment