චාමර වීරසිංහගේ තත්ත්වය යහපත් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ‘දිවයින’ට කියයි

64

කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ (MICU) ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (5 දා) පැවසීය.

සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව ලක් නොකෙරුණු බව ද හෙතෙම කීය. තව මාස හතරක් පහක් යන විට ඔහුට ගායන ක්‍ෂේත්‍රයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇතැයිද හෙතෙම කීය. කෙසේ වෙතත් ඔහුගේ හඬට මාස 4ක හෝ 5ක කාලයක විවේකයක් අවශ්‍ය බව ද ඒ මහතා කියා සිටියේය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද කීය.

“චාමර වීරසිංහ මහතා කෘතිම ශ්වසන ආධාරවලින් තොරව දැන් සාමාන්‍ය විදිහට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා. වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ඔහු ගැන දැඩි නිරීක්‍ෂණයක ඉන්නේ. ඔහුගේ තත්ත්වය දැන් හොඳ අතට හැරෙමින් තිබෙනවා. උගුරේ සැත්කමකට ඔහුව භාජනය කෙරුණේ නැහැ. නමුත් ඔහුගේ හඬ යථා තත්ත්වයට පත්වෙන්න ටික කාලයක් ගතවේවි. ඔහුගේ හඬට විවේකයක් අවශ්‍යයි. මාස හතරක් පහක් යනකොට ඔහුට ගායන ක්‍ෂේත්‍රයට එන්න ලැබේවි. තවත් දින කීපයකින් ඔහු සියයට සියයක් සුව අතට පත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment