හිඟ ලයිට් බිල් මම ගෙව්වා – ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න

162

ජනාධිපති, අගමැති සහ ඇමැතිවරුන් එම තනතුරුවල සිටිනතාක් ඔහුගේ විදුලි ජල බිල්පත් ගෙවනු ලබන්නේ අදාළ අමාත්‍යාංශයෙන් යැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ‘දිවයින’ට පැවැසීය.

එදා සිට ක්‍රියාත්මක වූ එම ක්‍රමය දැනටත් ක්‍රියාත්මක බව ද ඒ මහතා කීය. තම අමාත්‍යාංශවල ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වකවානුවේ විදුලිබිල රුපියල් ලක්‍ෂයක් ගෙවීමට පවතින බවට වෘත්තීය සමිති නායකයකු ප්‍රකාශ කර තිබුණත් තමාට ගෙවීමට තිබුණේ රුපියල් හැටතුන්දහස් තුන්සිය දහයයි ශත අනූපහක් (රු.63,310.95) බව ද සෙනවිරත්න මහතා කීය.

එවැනි මුදලක් ගෙවීමට තිබෙන බව කොළඹ දකුණ ප්‍රධාන විදුලි ඉංජිනේරු ඒ. පී. එන්. විතානගේ මහතාගේ අත්සනින් ලිපියක් ලැබී තිබූ බවත් එම මුදල තමා විසින් ගෙවා ඇති බවත් ඒ මහතා කීය. එම මුදල තමා 2015 ඇමැතිධුරයෙන් ගොස් විජේරාම මාවතේ අංක 119 නිවසේ මන්ත්‍රීවරයකු ලෙස රැඳී සිටි මාස දෙකට අදාළව බව ද ඔහු කීය.

තමාට නිවාස දෙකක විදුලිබිල ගෙවීමට තිබෙන බව ප්‍රකාශ වූවත් ඇල්පිටිගල නිවසේ පමණක් රැඳී සිටිය බවත් එම නිවස බී 119 ලෙසත් වරහන් තුළ බී 109 ලෙස සඳහන් කර තිබෙන නිසා නිවාස දෙකක් ලෙස අර්ථ දැක්වීම වැරදි බවත් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment