දහඅට වංගුව වසයි

406


ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය ඊයේ තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටීම මීට හේතු වී තිබේ.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත.

මහනුවර සිට මහියංගනය දෙසට ධාවනය වන වාහන තැන්නෙකුඹුර ඔරලෝසු කණුව හන්දිය අසලින් රන්දෙණිගල – බදුල්ල මාර්ගය හෙවත් රජ මාවත ඔස්සේ පැමිණ 21 හන්දියෙන් වමට හැරී බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ මහියංගනය නගරයට පැමිණිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment