හිල්ටන් සහ ග‍්‍රෑන්ඩ් ඔරියන්ටල් සෙලෙන්දිවාට

311

උපාලි ද සේරම්
 
 ආර්ථික ප‍්‍රතිලාභ අත් නොවන බවට හඳුනාගෙන ඇති හිල්ටන් සහ ග‍්‍රෑන්්ඞ් ඔරියන්ටල් හෝටල් දෙක, සීනෝර් ආයතනය සහ හයර්ට් ව්‍යාපෘතිය සෙලෙන්දිවා ආයතනය යටතට පවරාගෙන ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පැවසීය.
 
 ඒවායෙහි කොටස්වලින් සියයට 49ක් කොටස් වෙළෙඳපොළෙහි විකුණා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ලෙස ඒකාබද්ධව සංවර්ධනය කර පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
 
 මෙම ආයතනවල කොටස් විදේශීය මෙන්ම දේශීය ආයෝජකයින්ට ද කොටස් වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි බව පැවසූ සිරිනිමල් පෙරේරා මහතා මෙම සියලූ කටයුතු සිදුවන්නේ රටේ පවතින නීතියට යටත්ව බව ද කීවේය. ඒ මහතා මේ බැව් පැවසුවේ විද්‍යුත් මාධ්‍ය සමග පැවති සාකච්ඡුාවකදීය.
 
 ආර්ථික ප‍්‍රතිලාභ අත් නොවන රජයේ ගොඩනැඟිලි සහ ඉඩම් පෞද්ගලික ආයෝජකයින් සමග එක්ව සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සෙලෙන්දිවා ආයතනය පිහිටුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment