දුප්පත්කමට අවුරුදු කන්න ගවයකු සොරා ගෙන විකුණලා

111

එළඹෙන සිංහල අවුරුද්දට දරු පවුලට අවශ්‍ය අලුත් ඇඳුම් මිලදී ගැනීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන්, රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක් වටිනා ගවයකු සොරකම් කර, මසට විකුණා රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාගත් සැකකරුවකු සහ බලපත්‍ර නොමැතිව එම ගවයා මිලට ගත් පුද්ගලයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

අනුරාධපුර නාච්චාදූව පාර, 5 ඇල ප්‍රදේශයේ ගව හිමියකු විසින් වැව් පිටියේ බැඳ සිටි ගවයකු සොරාගෙන ඇති බවට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ශ්‍රාවස්තිපුර 5 ඇල, ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු සහ නෙලුබෑව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

ගවයා සොරකම් කළ ප්‍රධාන සැකකරුට අමතරව, සොරකම් කරන ලද ගවයකු බව දැන දැනත් බලපත්‍ර නොමැතිව මිලට ගත් අතරමැදි පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment