නීති සතිය වෙනුවෙන් රට පුරා දරුවන්ට දැනුම

71

වර්තමානයේ බුද්ධිමත් බොහෝ දෙනා නොමිලේ අධ්‍යාපනය හදාරා ප්‍රශ්න වලට මුහුණදීමට නොහැකි, ආත්මශක්තියක් නොමැති අය ලෙස පිටරට රැකියා සඳහා පිටත්ව යාම ඔවුන්ගේ

යුතුකම් පැහැර හැරීමක් බව චයිල් රයිට්ස් ඉන්ටර්නැෂනල් සංවිධානයේ සභාපති සහ විධායක අධ්‍යක්ෂ නීතිඥ ටී.ඩී.ඩී. නවරත්න මහත්මිය සඳහන් කළාය.

2023 සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝම්බර් පළමු දින දක්වා නීති සතියට සමගාමීව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් දිවයින පුරා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම වැළකීම සඳහා ගතයුතු පියවර සහ ලිංගික අතවර වලට ලක්වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක දී අධ්‍යක්ෂ නීතිඥ ටී.ඩී.ඩී. නවරත්න මහත්මිය මෙසේ පැවසුවාය. මෙම වැඩසටහන 26 වෙනි දින නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ශ්‍රවණනාගාරයේ දී පැවැත්විණි. යහපත් පුරවැසියෙක් වෙන්න එකම තෝතැන්න පාසල බව නවරත්න මහත්මිය එහිදී පෙන්වා දුන්නාය.

අමරනන්ද විජේසේකර – පුත්තලම

advertistmentadvertistment
advertistmentadvertistment