බැංකු නිලධාරීන් ලෙස රඟපා ආරණ්‍යගත හිමිනමගේ ලක්ෂ 5 කට විදලා

592

බැංකු නිලධාරීන් ලෙස රංගනයේ යෙදෙමින් අම්පාර ආරණ්‍ය සේනාසනයක හිමිනමක් රවටා එම හිමිනමගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් වංචනික ලෙස ලබා ගත් බව කියන සංවිධානාත්මක කණ්ඩායමකට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.

තමන් බැංකු නිලධාරියකු යැයි කියමින් මෙම හිමිනමගේ ජංගම දුරකථනයට ඇමතුමක් දී ඇති පුද්ගලයකු එම හිමිනමගේ හැඳුනුම්පත් අංකය පැහැදිලි නැතැයි කියමින් එම අංකය ඉල්ලාගෙන ඇත.

එම පුද්ගලයා බැංකු නිලධාරියකු යැයි සිතා හිමිනම තම හැඳුනුම්පත් අංකය ලබාදී තිබේ.

ඊට පසුදින තම බැංකු ගිණුම පරීක්‍ෂා කිරීමේදී එහි රුපියල් ලක්ෂ 5 ක මුදලක් කිසියම් පුද්ගලයකු ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

පසුව මෙම හිමිනම ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment