බිලියනයක් වංචා කරපු සභාපති කෙනෙක් ඉන්නවා

815

මන්ත්‍රී ගයාෂාන් මැති සබයේදී පවසයි

මේ රටේ බිලියනයක් වංචා කරපු සභාපතිවරයකු ගැන හෙළිවී ඇති බවත් රජයට ‘තේ’ වලට සම්බන්ධ ආයතනයක ඉහළ නිලධාරියකු පිළිබඳ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

‘තේ’ වලට සම්බන්ධ රාජ්‍ය ආයතනයක ඉහළම තනතුර දරන නිලධාරියා පිළිබඳව ප්‍රශ්න කරමින් ඔහු පැවසුවේ අදාළ රාජ්‍ය ආයතනයේ සභාපති ධුරය දරන අතරේ එම සභාපතිවරයා තේ බ්‍රෝකර් සමාගමක සභාපති ධුරයක් ද දරන බවයි.

ශ්‍රී ලංකා තේ කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් කරන බ්‍රෝකර් සමාගම් අතරත් මෙම සභාපතිවරයා තමා නිලයක් දරන සමාගම මුල්තැනට ගෙන ඒමට ප්‍රයත්න දැරීම නිසා අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී තිබෙන බව ද වසර 150 ක් තිස්සේ ක්‍රියාත්මකව ඇති සාධාරණ මිල යාන්ත්‍රණය ඇනහිටින තත්ත්වයක් උද්ගතවී අපනයනකරුවන්ගේ ආදායමට වඩා වියදම් වන තත්ත්වයකට වෙළෙඳ පොළ පත්වී තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

මේ තත්ත්වය හමුවේ ලංකා තේ වෙළෙඳ සංගමය (CTTA) මගින් විශේෂ කමිටුවක් ද පත්කර නිරීක්‍ෂණ විමර්ශන කිරීමෙන් පසු එම සමාගම හරහා මිලදී ගැනීම අත්හිටුවා තිබේ. ඒ අනුව වරෙක තේ කිලෝ මිලියනයක් මිලදී ගැනීමද අත්හිටුවා තිබේ. තේ අනුමත කිරීමට තමන්ට ඇති නිලබලය උපයෝගී කරගෙන විවිධ බලපෑම් සිදු කිරීම ගැන ද වගකීම ඔහු දැරිය යුත්තෙකි.

අදාළ සමාගමේ හැසිරීම පිළිබඳව තහවුරුවීමත් සමග බිලියන එකකට ආසන්න වන්දියක් මිල වටිනාකම අනුව ලාභය ගෙවීමට, ලිඛිතව සමාව ගැනීමට, මිලියන 10 ක වන්දියක්, තේ ඉතිහාසයේ විශාලම දඩය ගෙවීමට ද එකඟවී තිබේ. එම දඩය ගෙවූ පසු ද අදාළ රාජ්‍ය ආයතනයේ සිට තම තනතුරේ බලය අවභාවිත කරමින් පෙර පරදිම වැරදි සඟවාගෙන අයථා ක්‍රියාවලියක නිරතවෙමින් සිටී. අදාළ බ්‍රෝකර් සමාගම මේ වනවිට මිලියන 10 ක වන්දියක් අදාළ CTTA එකට ගෙවා ඇතත් ‘තේ’ වලට සම්බන්ධ ආයතනයට රුපියලක වන්දියක් ලැබීම හා පරීක්‍ෂණ පැවැත්වීම තබා අදාළ අයුතු භාවිතාව කළ සමාගමට ලිඛිත අවවාදයක්වත් කර නැති බව ද ප්‍රශ්නය දීර්ඝ ලෙස විමසමින් අර්බුද ඇතිවන විට අදාළ ‘බ්‍රෝකර්’ සමාගමෙන් ඉවත්වීමටත් උත්සාහ දරන බවත් මීට පෙරද සමාගම් සභාපතිවරු එවැනි ‘සභාපති’ පදවි හොබවා ඇතත් මෙපමණ දූෂණ ක්‍රියාවලට වගකිවයුතු කිසිවකු සිට නැති බවත් රාජ්‍ය ආයතනවල වගකිවයුතු තනතුරු දීමේදී දූරදර්ශී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි මන්ත්‍රීවරයා තම ප්‍රශ්නය ආරම්භ කරමින් එහි දීර්ඝ කරුණු සභාගත කරමින් සඳහන් කර සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment