මධ්‍යම කඳුකරයේ රක්‍ෂිත ගිනි තැබීමෙන් ජල මූලාශ්‍ර සිඳී යෑමේ තර්ජනයක්

32

මාධ්‍යම කඳුකරයට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණයත් සමග ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් රක්ෂිත වනාන්තර හා ජල පෝෂක ප්‍රදේශවලට ගිනි තැබීම සිදු කිරීමෙන් ජල මූලාශ්‍ර සිඳී යෑමේ තර්ජනයට ලක්ව ඇති බව පරිසරවේදීන් හා ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

මධ්‍යම කඳුකරයේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවලට ජලය සැපයෙන ජල මූලාශ්‍ර අවට ඇති රක්ෂිත වනාන්තර හා මානා පතන්වලට ඇතැම් පිරිස් වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් හා විනෝදයට මෙම ගිනි තැබීම් සිදු කරන බව එම ප්‍රදේශවල සිටින පරිසර හිතකාමී ජනතාව පවසති.

ජල මූලාශ්‍ර සිඳී යෑමෙන් මේ වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

සෑම වසරකදීම වියළි කාලගුණයක් පවතින අවස්ථාවලදී මෙම ගිනි තැබීම සිදු කරන නිසා රක්ෂිත වනාන්තර අක්කර ගණනක් ගින්නෙන් විනාශ වන බව පෙන්වාදෙන පරිසරවේදීහු එහි ජීවත්වන වන සතුන් ගින්නට කොටු වී මිය යෑමෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත් පවසති.

අවස්ථාවාදී ලෙස මෙම ගිනි තැබීම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව පරිසරවේදීහු හා පරිසර හිතකාමී ජනතාව වගකිවයුත්න්ගෙන් ඉල්ලා සිටිති.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment