අල්ලස්, දූෂණ හා වංචා සිදුවීම් නිසා Black List වෙන සමාගම් ගැන තොරතුරු රජය සඟවනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

47

ටෙන්ඩර් ක්‍රමවේදය, ප්‍රසම්පාදන ක්‍රමවේදයට පටහැනිව දූෂිතව, වංචාසහගතව අල්ලස් ලබා දී වැරදි වැඩ තුළින් අසාදු ලේඛන (Black List) ගත වූ සමාගම් ඇති බවත් ලෝකයේ වෙනත් රටවල එවැනි සමාගම් සම්බන්ධ තොරතුරු පොදු ක්‍රමයක් හරහා රටේ ජනතාව පවසන බවත් නේපාලයේ එවැනි සමාගම් 629ක් බංගලාදේශයේ එවැනි ආයතන 510ක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම ටෙන්ඩර් වංචා ඇතුළු වැරදි ආකාරයට කටයුතු කළත් එම සමාගම් අසාදු ලේඛනයට ඇතුළත් නොවූ දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවත් මෙවැනි අසාදු ලේඛන සම්බන්ධ දත්ත ගබඩාවක් හෝ අප රට තුළ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජනබලවේග රජයක් තුළ මේ ක්‍රමය වෙනස් කරන බවත් සමගි ජනබලවේග රජයක් තුළ හොර වැඩ නිසා අසාදු ලේඛනගත වෙන කෝටි ගණනක් හොරා කා වංචා කිරීම නිසා අසාදු ලේඛනගත වන සෑම ආයතනයක්ම පොදු දත්ත ගබඩාවක් හරහා රටේ ජනතාවගේ

දැනගැනීමට ප්‍රසිද්ධ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එවැනි අසාදු ලේඛනගත කරන ලද සමාගමක් සමඟ ආණ්ඩුව ගිවිසුම්ගත වී ඇත්නම් ඒ ගැන දැන

ගැනීමේ අයිතිය බදු ගෙවන ජනතාවට ඇති බවත් ඒ අයිතිය ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර කැබිතිගොල්ලෑව ඇටවීරවැව මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 105 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment