මහ බැංකු වාර්ෂික වාර්තාව ජනපතිට

90

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 73 වැනි වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (27 දා) ජනාධිපති හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වන ලදි.

මේ අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර යන මහත්වරු සහ ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්‍ෂවරුන් වන ආචාර්ය එස්. ජෙහජීවන් මහත්මිය ද ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය මහතා ද සහභාගි වූහ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මහ බැංකු වාර්තාව (2022) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අයුරුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment