මියන්මාරයේ පතලක් නාය යෑමෙන් 32ක් මරුට

239

උතුරුදිග මියන්මාරයේ පිහිටි ස්වර්ණාභරණ නිපදවීම සඳහා යොදාගනු ලබන කොල පැහැති වටිනා ගල් විශේෂයක් වන ‘ජේඩි’ නමැති ගල් ගරන පතලක සිදු වූ නාය යෑමක් හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් තිබේ.

නාය යෑමත් සමගම කඩා වැටුණු පස් කන්දක් හේතුවෙන් ජලය පතල තුළට ගලාගෙන යෑම නිසා එහි සිටි පතල්කරුවන් කොටුවීමෙන් මෙම අනතුර, සිදුව තිබේ. උතුරු මියන්මාරයේ පිහිටි දුෂ්කර කඳුකර නගරයක් වන හිපකාන්ට් නගරයේ තිබෙන ජේඩි පතලක මෙම අනතුර සිදුව තිබෙන අතර ඉන් මියගිය සියලු දෙනා පිරිමින් වේ. මියන්මාරය ලොව ජේඩි ගල් සැපයුමෙන් සියයට 70 ක් සැපයීම සිදු කරයි. 2020 වසරේදී හිපකාන්ට් නගරයේ ජේඩි පතලක සිදු වූ මෙවැනිම නාය යෑමකින් පතල්කරුවන් 160 දෙනෙකු මියගොස් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment