යාපනයේ පාසල් සිසුවකුට තවත් සිසුන් හතරදෙනෙක් කන පැළෙන්න පහර දීලා

276

යාපනයේ පාසල් සිසුවෙක්ට පහර දී ඔහුගේ කන් බෙරයට දැඩි ලෙස හානි සිදු කළ සිසුන් හතර දෙනෙකු මේ මස 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත් ඒ ඒ.ආනන්දරාජා මහතා 13 දා නියෝග කළේය.

කන් බෙරයට අධික ලෙස හානි සිදු වූ සිසුවා යාපනයේ උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවස බලා එමින් සිටියදී මඟ රැක සිටි සිසුන් හතර 17දෙනෙකු ඔහුට පහර දී තිබුණි.

එම සිසුන් හතර දෙනාගෙන් එක් සිසුවෙකු වයස අවුරුදු 13ක සිසුවෙකු වූ නිසා ඔහුව ළමා සුරැකුම් මධ්‍යස්ථනායක් වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

සිසුවාට පහර දීමෙන් පසුව ඔහුගේ ඥාතීන් පොලීසියට කළ පැමිණිල්ලක් මත යාපනය පොලීසිය විසින් මෙම සිසුන් හතර දෙන අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක් වූ සිසුවා යාපනය ශීක්ෂණ රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසුව ඔහුගේ කන්බෙරයට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් ඒ සඳහා ඔහුව ශල්‍ය කර්මයකට භාජනය කළයුතු බවටත් වෛද්‍යවරු නිර්දේශ කොට තිබේ.

එම වෛද්‍ය වාර්තාව සමග සැකකාර සිසුන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කොට තිබේ.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment