රුසියාවේ පාලනය පුටින්ට 2036 තෙක්

115


රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට නැවත වරක් බහුතර බලයකින් ජනාදිපති ධුරයට තේරී පත්ව ඇත.
ඡන්ද ප්‍රතිඵල අනුව සියයට 87ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය බවට වාර්තා වේ.

මෙවර විදේශයන්හි සිටින රුසියානුවන්ට ද එම රටවල රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවූ අතර කලාප 29ක පළමුවරට ඡන්දය පාවිච්චි කරන්නන්ට මාර්ගගත ක්‍රමයට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.

2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන 71 හැවිරිදි ජනාධිපති පුටින් 2004-2012 සහ 2018 වසරවලදී ජනාධිපති ධුරයට නැවත තේරී පත්විය.

මෙවර ජයග්‍රහණයත් සමගම ඔහුට 2036 වසර වනතුරු ඔහුට රුසියානු ජනාධිපතිධුරය දැරීමේ අවස්ථාවක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment