රොනී ද මැල්ගේ අවසන් කටයුතු හෙට – රුහුණ විශ්වවිද්‍යාල පිටියේ දී

83

අභාවප්‍රාප්ත හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රුහුණු විශ්වවිද්‍යාල පිටියේ දී හෙට (මාර්තු 01 වැනිදා සිකුරාදා) සවස 04 ට සිදු කිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය ඊයේ (28 දා) සවස 02 සිට අද (29 දා) සවස 02 දක්වා කොල්ලුපිටිය, චාර්ල්ස් ඩ්‍රයිව්, අංක 05 දරන නිවසේ තැන්පත් කර තිබේ.

ඉන්පසුව හෙට (01 දා) සවස 02 ට දේහය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුහුණ විශ්වවිද්‍යාලයට රැගෙන ගොස් දේහය පිළිබඳ අවසන් කටයුතු විශ්වවිද්‍යාල භූමියේ දී සිදු කරන බව ඒ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් කේ.එච්. විල්ප්‍රඩ් මහතා සඳහන් කළේය.

රොනී ද මැල් මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ මුදල් ඇමැතිවරයකු මෙන්ම දේශපාලනඥයෙක් ද විය. ඔහු පෙරේදා (27දා) පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment