ලක්නව් ට කඩුලු 7 ක ජයක්

98

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව අද පැවති අයිපීඑල් තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත් අතර හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 3 ක් දැවී පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය ලබා ගත්තේය.
හයිද්‍රාබාද් ජයග්‍රහණය ඉක්මන් කළ නිකොලස් පූරන් පන්දු 13 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 43 ක් රැස් කළේය.
ලක්නව් ඉනිමේ 16 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කළ අභිෂේක් ශර්මා හමුවේ හයේ පහර 5 ක් සමග ලකුණු 31 ක් ලබා ගැනීමට නිකොලස් පූරන් සහ මාකස් ස්ටොයිනිස් දෙදෙනා සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment