ලියලා තියාගන්න: රට ඉදිරියට නොගියොත් මීළඟ නැගිටීම තව දරුණුයි – ජනපති කියයි

129

රට ඉදිරියට යනවාද නැද්ද කියා අප තීරණය කළ යුතු බවත් එසේ නොකළහොත් ඊළඟ ජනතා නැගිටීම පෙරට වඩා ප්‍රචණ්ඩකාරී වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය මගින් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හා බැඳුණු ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි පරිදි ඉටු කළහොත් ශ්‍රී ලංකා ආර්ථිකය නිසි මාර්ගයට පිවිසෙතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ අරමුණ ධනාත්මක බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදී දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් වැට් වැනි බදු මගින් බැටකෑම අවම කිරීම බවත් 2026 වන විට රටේ ආර්ථිකය නැවතත් 2019 තිබූ තත්ත්වයට ගෙනයෑමට හැකිවුවහොත් එය ජයග්‍රහණයක් බවත් ජනාධිපතිවරයා පැවසීය.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිර්භීතව කළ යුතුයි. එමගින් රටේ ඉදිරි ගමන ස්ථාවර වෙයි. රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතුයි. අයි.එම්.එෆ් වැඩසටහනේ පළමු ප්‍රගති සමාලෝචනය කරන අවස්ථාව වන විට ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම තමයි අපේ අරමුණ. අපි තීරණය කළ යුතුයි රට ඉදිරියට යනවද නැත්ද කියලා. රටේ වර්ධනය වැඩි කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එසේ නොකළහොත් ‘ඔබ ලියලා තියාගන්න’ ඊළඟ නැගිටීම පෙරට වඩා ප්‍රචණ්ඩකාරී නැගිටීමක් වෙයි යැයි ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment