වාහන 400ක ජවාරම: තවත් ආර්. එම්. වී. ලොක්කෝ 5ක් ගස්!

186

තීරු බදු නොගෙවා ආනයනය කරන ලද රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් ජීප් රථ සහ වෑන් රථ 400කට ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලියාපදිංචි කර විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීන් 5 දෙනකු අද හෙට ම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම සංවිධානාත්මක ජාවාරම කරගෙන ගිය මහමොළකාරයන් දෙදෙනා වන කඩවත කෝටිපති ව්‍යාපාරිකයා සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේ ලේඛන දත්ත අංශයේ නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම ජාවාරමට සම්බන්ධ ඉහළ නිලධාරීන් 05 දෙනා පිළිබඳ සියලු තොරතුරු හෙළිවී තිබේ.

ඒ අනුව මෙම නිලධාරීන් 05 දෙනා අත්අඩංගුවට ගැනීමේ විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.

ලියාපදිංචි නොකළ වාහනවලට ව්‍යාජ දත්ත යොදා ඒවා ලියාපදිංචි කිරීම වෙනුවෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මෙම සංවිධානාත්මක කල්ලිය එක් වාහනයකින් රුපියල් ලක්‍ෂ 5ත් 10ත් අතර මුදලක් ලබාගෙන ඇති බවද හෙළි ිවී තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment