වැලිකඩ හොරණට බන්ධනාගාර 300% කින් පිරිලා

263

ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල සිටින රැඳවියන් සංඛ්‍යාව තිස්දාස් අටසියයක් දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ඩී. දිසානායක මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙය රැඳවිය හැකි රැඳවියන් ප්‍රමාණයට වඩා සියයට තුන්සියයක පමණ වැඩිවීමක් බවද හෙතෙම කීවේය.

මේ අතර දැනට තුන්දහසක පමණ රැඳවියන් පිරිසක් වෙනුවෙන් පවත්වාගෙන යන වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණට රැගෙන යෑමට ක්‍රියාකරමින් තිබෙන බව ද එහි අලුතින් සෑදීමට නියමිත බන්ධනාගාර ගොඩනැඟිල්ල රැඳවියන් දහ දහසක් දක්වා රඳවා තැබීමට හැකි ආකාරයට නිර්මාණය කරන බවද දිසානායක මහතා පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment