ශ්‍රීලනිපයත් ඩලස්ලාත් කතානායක ගැන තීරණයක් ගනී

971


සමගි ජන බලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බව විපක්ෂය කථානායකවරයාට චෝදනා කර සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වමින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරයි.
මේ අතර ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙකන් යුතු නිදහස ජනතා සභාවද එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment