ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

103

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ලකුණු සමවීමත් සමග පැවති සුපරි පන්දු වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජය හිමි විය. එම සුපිරි පන්දු වාරයේදී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 08ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 03කදී කිසිවකුත් නොදැවී ලකුණු 11ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ ලබා ගත් ලකුණු 196ට පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම ද පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 196ක් ලබා සම තත්ත්වයට පත් විය. ඩැරල් මිෂෙල් 66, මාර්ක් චැප්මන් 33 යි.පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන්,වනිදු හසරංග සහ දසුන් ෂානක කඩුලු දෙක බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment