ශ්‍රී ලංකාව සහ තායිලන්තය අද පළමු සටනට

314

කාන්තා 20-20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (25 වැනිදා) ආරම්භ වීමට නියමිතය.

එම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අද පැවැත්වීමට නියමිත අතර මෙරට වේලාවෙන් ප.ව.4.30 ට තරගය ආරම්භ වේ.

මෙම තරගාවලිය සඳහා කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 10ක් සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදී.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර මේ දක්වා පන්දු වාර 20-20 තරග 3ක් පවත්වා ඇති අතර එම තරග අතුරින් තරග 2ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමි කරගෙන ඇති අතර තායිලන්තයට එක් තරගයක් ජයග්‍රහණය කර ඇත.

එම කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය, ස්කොට්ලන්තය, උගන්ඩාව සහ ඇමෙරිකාව එක්ව සිටී.

‘බී’ කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් වන්නේ අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වනාටු, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තයයි.

මෙම කාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, එම කණ්ඩායම් 4 අතුරින් ඉදිරියට පිවිසෙන කණ්ඩායම් ද්විත්වය බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා සංචිතය;

චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, නිලක්ෂි සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, කාව්‍යා කාවින්දි, ඉනෝශි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, ශෂිනි ගිම්හානි

advertistmentadvertistment
advertistmentadvertistment