BLK ට ලකුණු 61ක ජයක්

181

LPL ක්‍රිකට් තරගාවලියේ අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී බී ලව් කැන්ඩි( BLK) ජැෆ්නා කිංග්ස්ට එරෙහිව ලකුණු 61ක ජයක් ලැබීය.පළමුව පන්දුවට පහරදුන් BLK සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේය.මොහොමඩ් හැරිස් 79යි.පන්දු යැවීමේදී නුවන් තුෂාර 40/4 ලෙස කඩුලු දවා ගැනීමට සමත් විය.ජයග්‍රහණය සදහා ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය JK පන්දු වාර 17.2කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127කි.පන්දූ යැවීමේදී වනිදු හසරංග 9/6 ලෙස කඩුලු දවා ගත්තේය.ඒ අනුව BLK ලබන සෙනසුරාදා ගෝල් ටයිටෑන්ස් සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා තරග වැදීමට සුදුසුකම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment