IMF‍ දර්ශකයට අනුව රට හැසිරීමේ නියමු ව්‍යාපෘතියකට සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න

87

සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙන ණය මුදලේ ඉදිරි ණය වාරිකය අවදානමකින් තොරව ලබාගැනීම සඳහා එම අරමුදලේ දර්ශකයන්ට අනුව රට හැසිරීම පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තෝරා ගත යුතු බව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එසේ සිදු කිරීමෙන් මෙරට සෞඛ්‍ය සේවයේ දූෂණ, අක්‍රමිකතා, වළක්වා ගෙන මුදල් ඉතිරි කිරීමට හැකි වන බවත්, සෞඛ්‍ය සේවයේ සාමාන්‍ය මිලදී ගැනීම් වෙනුවට සිදු කෙරෙන හදිසි මිලදී ගැනීම් ද වළක්වා එමගින් සිදුවන මහා පරිමාණ වංචා දූෂණ ද වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවත්, එම සංගමයේ සභාපති, රවි කුමුදේශ් මහතා ඊයේ (02දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ටෙන්ඩර් අවලංගු කිරීම, එහි වැරදි සොයා ගැනීම, හිටි හැටියේ එම වැරදි නිවැරදි වී ප්‍රසම්පාදන නීති හිතෛෂීන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීමට ඇතැම් නිලධාරීන් කටයුතු කිරීමත් ප්‍රසම්පාදන ක්‍රියාවලි වැරදි තිබියදී ඒවා අවලංගු නොකර මිලදී ගැනීමට නියෝග කිරීම හේතුවෙන් මෙලෙස දිගටම දූෂිත ගනුදෙනු සිදුවන බව ද ඒ මහතා කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment