අයි. එම්. එෆ්. පළමු සමාලෝචනයට නිලධාරීහු ලබන මස එති

63

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය වැඩසටහන් පිළිබඳ පළමු සමාලෝචනය සිදු කිරීම සඳහා එම අරමුදලේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් ලබන මාසයේ (සැප්තැම්බර්) මෙරටට පැමිණීමට නියමිත බව එම අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම නිලධාරීන් කණ්ඩායම සැප්තැම්බර් 14 දා සිට සැප්තැම්බර් 27 දා දක්වා මෙරට රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය වැඩසටහන ගැන සමාලෝචනය කිරීමට නියමිතය.

මෙම සමාලෝචනයේ කාර්යසාධනය සලකා බලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන මෙම ණය මුදලේ දෙවන වාරිකය මුදාහැරීමට නියමිතය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment