අවිශ්ක ශ‍්‍රී ලංකා යොවුන් පිලෙන් ඉහළ තැනකට

532

19න් පහළ පුහුණුකරු ධුරය ජෙහාන් මුබාරක් අතට

ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19න් පහළ කි‍්‍රකට කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන ඉන් ඉවත්කොට ඔහුට ජාතික කණ්ඩායමේ වගකීමක් පැවරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අවධානය යොමුකර තිබේ. ඒ අනුව අවිශ්ක ගුණවර්ධන ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශකවරයෙක් ලෙස පත්කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වන බව ‘දිවයින’ට වාර්තා වේ.

කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වනවිට ශී‍්‍ර ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ හිටපු කී‍්‍රඩක ජෙහාන් මුබාරක් වෙත පවරා තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තාක්ෂණික කමිටුවේ නිර්දේශයට අනුව සිදුකරනු ලැබූ මෙම නව පත්කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ අනුමැතිය හිමි වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන කටයුතු කළේය. ඒ අනුව එම කාලය තුළදී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා යොවුන් පිල එහිදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත්විය. ඒ තරගාවලියේදී කී‍්‍රඩා කළ තරග 10න් තරග 7ක් ජයගනිමිනි.

මීට පෙර 2015 වසරේදීද ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන කටයුතු කළේය. අනතුරුව 2017 වසරේදී එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටී10 තරගාවලියකදී තරග පාවාදීමක් සිදු කළා යැයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් 2019 වසරේ මැයි 10 වැනිදා අවිශ්ක වෙත චෝදනා එල්ල කළේය. එම චෝදනා හේතුවෙන් වසර දෙකක තරග තහනමකට ලක් වූ අවිශ්ක 2021 වසරේ මැයි මාසයේදී එම ¥ෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරිණි.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර්ගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව මේ වනවිට නිත්‍ය පිතිකරණ පුහුණුකරුවකු නොමැතිව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කරනු ලබයි. ඒ අනුව දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරුවන් වෙනුවෙන් නිත්‍ය පුහුණුකරුවකු කඩිනමින් පත්කිරීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ මෙන්ම තාක්ෂණික කමිටුවේ වගකීම බවට පත්ව තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment