උ/ නැ. තවත් කි.මී. 23ක බිම් බෝම්බ ඉවත් කිරීමට තිබෙනවා- ඇමැති ප්‍රසන්න රණතුංග

30

උතුර – නැඟෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් කිලෝමීටර් 23ක බෝම්බ ඉවත් කිරීමට නියමිතව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

2028 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණවලින් තොර රටක් බවට පත්කරන බව කිලිනොච්චිය ක්‍රීඩාංගණයේ පැවැති ලෝක බිම් වෙඩි දින ජාතික උත්සවයට එක්වෙමින් පසුගියදා (06දා) ඇමැතිවරයා එසේ පැවැසීය.

බිම් බෝම්බ තිබූ සමස්ත භූමියෙන් කිලෝමීටර් 1340.87ක ප්‍රදේශයක බිම් බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවත් එම ප්‍රදේශයේ බිම් බෝම්බ 24,92,081ක් ගොඩගෙන විනාශ කර ඇති බව ඇමැතිවරයා කීය. බිම් බෝම්බ ඉවත් කිරීම යුද හමුදාවේ මානුෂවාදී බිම් වෙඩි ඉවත් කිරීමේ ඒකකය මගින් සිදුකරයි. ඒ සඳහා ජාත්‍යන්තර ආයතනවලින් සහ රාජ්‍ය නොවන සන්ධාන 04කින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 17.5ක මුදල් සපයන බව ද ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment