කාලගුණයේ අද වෙනසක්

125


උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (01) මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද දින වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 18ක් පමණ නැගෙනහිර දෙසින් කේන්ද්‍රගතව පැවති අතර එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් අද පෙරවරුවේදී නැගෙනහිර වෙරළ තීරය වෙතට ළඟා වෙනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

උතුර, උතුරු-මැද, නැගෙනහිරල වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන තද සුළං බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී,

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-ත්50) පමණ තද සුළං බලාපොරොත්තු වියහැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment