තේ පොහොර මිල අඩු කරයි

263

තේ වගාව සඳහා යොදනු ලබන T 750, T 709 සහ T 200 යන පොහොර වර්ග සියල්ලෙහිම මිල රුපියල් 2,000කින් අඩු කිරීමට තීරණය කර ඇත.කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) දින එම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.ඒ අනුව T 750 සහ T 709 තේ පොහොර මිටියක මිල රුපියල් 7,735 දක්වාත්, T 200 පොහොර මිටියක මිල රුපියල් 5,500 දක්වාත් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.මෙම පොහොර සහනය කුඩා හා මධ්‍යම පරිමාණ සියලුම තේ වගාකරුවන්ට ලබාදෙන අතර, මහපරිමාණ තේ වගා කරන සමාගම් සඳහා ඉහත සඳහන් සියලුම පොහොර වර්ග රුපියල් 9,735ක මුදලකට ලබාදීමට ද තීරණය කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment