දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලියට ශී‍්‍ර ලංකා කණ්ඩායම නම් කරයි

132

දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා පැසිපන්දු කණ්ඩායම නම් කර තිබේ. එ් අනුව කී‍්‍රඩකයින් 15 දෙනකුගෙන් යුත් පැසිපන්දු සංචිතයක් ප‍්‍රකාශයට පත්කිරීමට ශී‍්‍ර ලංකා පැසිපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලිය ලබන වසරේදී බංග්ලාදේශයේදී ඩකා හිදී පැවැත්වේ. එ් අනුව අදාළ ශූරතාවලිය සඳහා නම් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ක්ලින්ටන් ස්ටැලෝන්ට හිමිව තිබේ.

නවකයින්ගෙන් සහ අත්දැකීම් බහුල කී‍්‍රඩකයින්ගෙන් සමන්විත ශී‍්‍ර ලංකා කණ්ඩායම සඳහා කොළඹ සාන්ත ජෝෂප් විද්‍යාලය සහ යාපනය එ්න්ජල් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් පාසල් කී‍්‍රඩකයින් දෙදෙනකුද ඇතුළත්ව සිටී.

මූලික සංචිතයේ සිටි කී‍්‍රඩකයින් 60 දෙනකුගෙන් මෙම අවසන් 15 දෙනාගේ කණ්ඩායම නම් කර තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම

ක්ලින්ටන් ස්ටැලොන් (නායක), යෝගනන්දන් සිම්රොන්, අසංක මහේෂ් රාජකරුණා, දසුන් නිලන්ත මෙන්ඩිස්, ප‍්‍රනීත් උඩුමලගල, නිමේෂ් ප‍්‍රනාන්දු, සසිඳු ඩිල්ෂාන් ගජනායක, ෂෙහාන් ප‍්‍රනාන්දු, තිමොති නිතුෂාන්, ෂෙහාන් උදයංග, ගයාන් ද කෲස්, ආර්නොල්ඞ් බ්‍රෙන්ට්, පවන් ගමගේ, චානුක ෂෙහාන්, රුක්ෂාන් අතපත්තු.

advertistmentadvertistment
advertistmentadvertistment