දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙට කියයි

266


ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව හෙට ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළේය.

ඒ මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත්කරනු ලැබූ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් සිය වාර්තාව අද අධිකරණයට භාරදීමෙන් අනතුරුව මේ බව නිවේදනය කළේය.

මුද්‍රා තබා තිබූ එම වාර්තාව භාරගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අනතුරුව ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව හෙට දින ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment