ලබන වසරේ සිට වැට් බද්ද වෙනස්වේ

285

එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024/01/01 සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිස මෙලෙස වැට් බද්ද ඉහළදැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එසේම දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024/01/01 සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment