නැව් සංස්ථාවට කෝටි 152ක් ගෙවලා නෑ

91

ලංකා නැව් සංස්ථාව සඳහා මෙරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලින් රුපියල් එකසිය පනස්දෙකෝටි පනස්තුන්ලක්ෂ පනස්නවදහස් හත්සිය විසිනවයක මුදලක් අයවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

මින් වසර තුනකටත් වඩා වැඩි කාලයක සිට අයවිය යුතු මුදල රුපියල් හැට එක්කෝටි අසුලක්ෂ හතලිස්පන්දහස් හාරසිය පනස්තුනක (618,045,453) බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම වසර තුනකට වඩා පැරණි විදේශීය හා අනිකුත් වෙළෙඳ ණයගැතියන්ගෙන් 2023 මාර්තු මස 31 වැනිදා වන විට අයවිය යුතු මුදල රුපියල් දාසය කෝටි තිස්හත් ලක්ෂ පනස් දෙදහස් හාරසිය විස්සක් (163,752,420) බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකා නැව් සංස්ථාව 2022/2023 වර්ෂය සඳහා රුපියල් එකසිය අසූපන්කෝටි හැත්තෑ එක් ලක්ෂ විසිනම දහස් හත්සිය හැට හයක (1,857,129,766) වාර්තාගත මූල්‍ය අලාභයක් ලබා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මහජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර්වලින් ණය මුදලක් ලබාගත් දිනයේ සිට සිදු වූ විනිමය අනුපාතයේ වූ අසාමාන්‍ය වෙනස්වීම් හේතුවෙන් මෙකී මූල්‍ය අලාභය සිදු වී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

සී/ස ලංකා නැව් සංස්ථාව සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment