නේෂන් කප් තරගාවලියට ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම තෝරා ගැනේ

198

නව නායකත්වය දුලංගි වන්නිතිලකට

ඔක්තෝම්බර් මස 22 සිට 28 දක්වා සිංගප්පූරුවේ පැවැත් වෙන නේෂන් කප් තරගාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22 වැනිදා) තෝරා ගැනිණ.

නවකයින් කිහිප දෙනකුට ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ඉඩ මෙවර හිමි වූ අතර නායකත්වය හිටපු උප නායිකා දුලංගි වන්නිතිලකට හිමි වී තිබේ.

ඒ අනුව ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට ඉදිරිපත් කළ නව ජාතික නෙට්බෝල් කණ්ඩායම මෙසේය.

දුලංගි වන්නිතිලක (නායිකා), ගයංජලි අමරවංශ, ගයනි දිසානායක, සෙමිනි අල්විස්, රෂ්මි පෙරේරා, භාෂිනි ද සිල්වා, ඉමාෂා පෙරේරා, සුසිමා බණ්ඩාර, සචිනි රොද්‍රිගු,

රැක්ෂලා හපුආරච්චි, හංසිමා දිසානායක, චලනි නීෂා, අතිරේක ක්‍රීඩිකාවන් ශානිකා පෙරේරා, රෂ්මි ඔබේසේකර, ගයත්‍රි කෞෂල්‍යයා.

ශිරන්ති ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment