ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගත්තොත් නීතියේ නිදහස ඉවරයි – ජී. එල්. පීරිස්

140

මාර්ගගත ආරක්‍ෂණ පනත සම්මත කරගත් ලෙස ප්‍රතිත්‍රස්ත පනත ද සම්මත කරගත හොත් නීතියේ ස්වාධීනත්වය නැති වන බවත් එය රටේ ආර්ථිකයට ද බලපාන බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (26දා) පැවසීය.

රජය තම බලය තහවුරු කර ගැනීම සඳහා ගෙන එන පනත් මගින් දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රතිවිපාක විඳින්නට සිදුවන බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජී.එල්. පීරිස් මහතා පැවසීය.

වත්මන් රජය ජාත්‍යන්තර ගිවිසුම් අමු අමුවේ උල්ලංඝනය කළහොත් ජීඑස්පී සහනය පවා රටට අහිමි විය හැකි බවද මාර්ගගත ආරක්‍ෂණ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව සම්මත කරගත් බවද හෙතෙම කීය. ස්වාධීන කොමිෂන් සභා වත්මන් විධායකයේ ග්‍රහණයට ලක් කිරීමට උත්සහ කරන බවත්, එසේ කළහොත් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට විපක්‍ෂය පෙළගැසෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

වසර 93ක් ආරක්‍ෂා කළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කථානායකවරයාට ඉඩ නොතබන බවත්, විපක්‍ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවටත් අත්සන් තබා ගැනීම ඊයේ සිට ආරම්භ කළ බවත් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment