අධිකරණයේ ස්වාධීනත්වය බිඳහෙළන්න දෙන්න බෑ!

154

විනිසුරුවන් පාර්ලිමේන්තු ගෙන්වන්න ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති නීතිඥ ඒ.පී.ජී. සරත්චන්ද්‍ර

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කරන ලද මුදල් රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද අතුරු නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව පවසා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීමට ගෙන ඇති තීරණය හෙළා දකිමින් ගාල්ල නීතිඥ සංගමය පෙරේදා (23) දහවල් අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල නීතිඥ සංගමයේ සභාපති දුමින්ද රාජපක්ෂ මහතා “පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කරන ලද මුදල් රඳවා ගැනීම වළක්වාලමින් නීතිපතිවරයා වෙත සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

අධිකරණයේ ස්වාධීනත්වය බිඳහෙළන්න දෙන්න බෑ!

මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වැළැක්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංඝනය වී මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන බවට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙම අතුරු තහනම් නියෝගය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවටත් අතුරු තහනම් නියෝගය දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු බවටත් කරන ලද යෝජනාව අපි දැඩි ලෙස හෙලා දකිනවා.”

ජනාධිපති නීතිඥ ඒ. පී. ජී. සරත්චන්ද්‍ර මහතා- “මෙය අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දැමීමට එල්ල කරන ලද මරු පහරක්. එම නිසා එය පරාජය කළ යුතුයි. විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ දැනට විභාග වන නඩුවක් සම්බන්ධයෙනුයි. ලංකා ඉතිහාසයේ මෙවැනි දෙයක් කවදාවත් සිදුවෙලා නැහැ.”

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment