ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කෝටි 10.8 යන්ත්‍රය වැඩක් නොගෙනම කල්පනී

104

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 10.8ක් වැය කර ප්‍රංශයෙන් මිල දී ගත් නෙගටිව් පට සහ පොසිටිව් පට සෝදන යන්ත්‍රය කිසිදු ප්‍රයෝජනයක් නොගෙනම කල් ඉකුත් වී ඇතැයි අනාවරණය වී ඇත.

චීනච් චට්ටිවලින් නිපදවා ඇති මෙම යන්ත්‍රය 1999 වර්ෂයේ මිලදී ගෙන ඇති අතර මේ වනවිට එහි තාක්ෂණය යල් පැනගොස් ඇති බැවින් එය යකඩවලට හෝ විකිණීම කළ නොහැකි බව නිලධාරීහු පෙන්වා දෙති.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2019, 2020 සහ 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වී ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment