ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න ඊශ්‍රායලයේ විරෝධතා

208

හමාස් සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දහස් ගණන් ජනතාවගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි.

විරෝධතාකරුවෝ ප්‍රාණ ඇපකරුවන්ගේ සේයාරූ අතැතිව විරෝධතාවයට එක්ව සිටියහ.

ඔවුන් පවසන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

විරෝධතාකරුවන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ප්‍රමුඛ රජයට ද දැඩි විරෝධයක් එල්ල කළහ.

ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස පහක කාලයක් ගත වී තිබේ.

ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන්ගෙන් සියයකට අධික පිරිසක් තවමත් සිටින්නේ හමාස් සංවිධානය භාරයේය.

advertistmentadvertistment
advertistmentadvertistment