බංකොලොත් රට ගොඩගැනීමට කොන්දේසි විරහිතව සහාය දෙනවා – සජිත් ප්‍රේමදාස

162

ප්‍රතිපත්ති න්‍යාය හා දර්ශන මත විවිධ පරස්පරතා ඇතත් රටේ පොදු යුතුකම ඉටුකිරීමට එකට එකතුවීමේ කාලය එළඹ ඇති බවත් එහිලා තනතුරු තාන්න මාන්න බෙදාගැනීම නොවන බවත් බංකොලොත් රට එම තත්ත්වයෙන් ගොඩගැනීමට ගන්නා ක්‍රියාදාමයට එය අගය කරමින් ඊට කොන්දේසි විරහිතව සහය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමවේදය තුළ ත්‍රෛපාර්ශ්වීය ආණ්ඩුකරණය වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිගන්නා බවත් එහි බලය බෙදී යෑම තිබිය යුතු බවත් මේ ආයතන 03 අතර සංචරණ සහ තුලන ඉතාමත්ම වැදගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා ආංශික අධීක්‍ෂණ කාරක සභා 17 කට තරුණ තරුණියන් 530 ක් සහභාගි වන්නේ සංචරණ සහ තුලන ක්‍රියාවලිය මනා ලෙස ක්‍රියාත්මක කිරීමට බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ආංශික අධීක්‍ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වූ අවස්ථාවේදීය.

අද අප රට ගන්නා මේ ක්‍රියාව ලෝකයේ සෙසු රටවල් හා සංසංදනය කර බලනවිට ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලින් තාරුණ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට සහාය විමට අවස්ථාව ලබාදෙන අංක 01 ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැකි බවත් ඒ අමිහිරි අතීතය මතක් නොකළත් එයින් පාඩම් ඉගෙන ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2023 මේ කතා කරන කියන දේ 1990 තරුණ අසහන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ බවත් ඒ යෝජනා ගණනාවලින් එකක් හෝ කියාත්මක වීම පිළිබඳ සතුටට පත්වන බවය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment