දහම් පාසල් අවසාන විභාගය හෙට සහ අනිද්දා

84

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය මෙම මස 28 සහ 29 දිනවල විභාග මධ්‍යස්ථාන 669කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර ඒ ඒ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බව ද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් ප්‍රවේශපත්‍ර නොලද දහම් පාසල් ප්‍රධානීන් ඔවුන් වෙත නිකුත්කර ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ්අඩවිය වෙත පිවිස ප්‍රවේශපත්‍ර භාගත කරගත හැකි බව ද ජයසුන්දර මහතා කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment